මහේලගේ මුම්බායට කඩුළු 8ක ජයක්
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 32වැනි තරගය වූ කොල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි පිළ (16 වැනිදා) අතර පැවැති තරගයෙන් කඩුළු 8ක පහසු ජයක් වාර්තා කරන්නට මුම්බායි ඉන්දියන්ස් පිළ සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොල්කටා පිළ කඩුලු 5කට ලකුණු 148ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ක්‍රීඩකයෝ පන්දුවාර 16.5කදී කඩුළු 2ක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරා ගත්හ. ක්වින්ටන් ඩි කොක් පන්දු44කට නොදැවී ලකුණු 78ක් රැස් කළේය .

Comments
Post a Comment