හිරුණි සුළු මොහොතෙන් තරග බිමේ
පෝලන්තයේ ඩිනියා නුවරදී අද (17 වැනිදා) පැවැත්වීමට නියමිත ලෝක අර්ධ මැරතන් ශූරතාව සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකා හිරුණි විජේරත්න සහභාගි වීමට නියමිතය.
උතුරු පෝලිෂ් නගරයේදී ආරම්භ වන මෙම තරගය සඳහා රටවල් සහ ක්‍රීඩා සමාජ 62ක් නියෝජනය කරමින් තරගකරුවන් 157ක් සහ තරගකාරියන් 126ක් සිය සහභාගීත්වය තහවුරු කර තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද (17 වැනිදා) දහවල් 2.30ට මෙම තරගය ආරම්භ වේ.

Comments
Post a Comment