රිෂාඩ් රිමාන්ඩ්


හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් එළැඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තීරණය කර  තිබේ.
ඒ අද පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් නියෝගයකට අනුවය.

නීතිපතිවරයා විසින් ලබාදුන් නියෝගයකට අනුව දින 6කට පසුව අද අලුයමදී ඔහුව දෙහිවල ප්‍රදේශයේදී අත් අඩංගුවට පත්වූ අතර ඔහුව සඟවා සිටි යුවළකට ඇතුළු තිදෙනකුද අත් අඩංගුවට ගැණිනි.
2019 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයන් බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිදුකළ මැතිවරණ නීති උල්ලංඝනයක් සම්බන්ධයෙන් මෙලෙස රිෂාඩ්ට නීතිය ක්‍රියාත්මක වී තිබේ. 
     
ඡායාරූපය - ප්‍රදීප් දඹරගේ
 

Comments