කමාන්ඩෝර්ස් ලීග් ශූරතාව චන්දිමාල් ගේ ඩීමෝ සදර්න් වොරියර්ස්ට


යුධ හමුදාපති කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට මේජර් දිනේෂ් චන්දිමාල් නායකත්වය දැරූ ඩීමෝ සදර්න් වොරියර්ස් කණ්ඩායම සමත්විය. ඒ  සුපර් ෆැෂන් නදර්න් කණ්ඩායම සමගින් අද(17වැනිදා) පැවැති අවසන් මහා තරගයේදී  ලකුණු 9ක තියුණු ජයක් වාර්තා කරමිනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඩීමෝ ක්‍රීඩකයන් කඩුළු6කට ලකුණු 159ක් රැස්කළ අතර පිලිතුරු ඉනිම ක්‍රීඩාකළ සුපර් ෆැෂන් ක්‍රීඩකයන්ට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 150ක් පමණි.



අවසන් තරගයේ වීරයා සම්මානය ඩිමෝ කණ්ඩායමේ සුමින්ද ලක්ෂාන් විසින් දිනා ගත්තේය. තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙසින් මේජර් දිනේෂ් චන්දිමාල් ද, දක්ෂතම පන්දු යවන්නා ලෙසින් තිසර පෙරේරාද සම්මාන ලැබීය. තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා ලෙස ඊස්ටර්න් වොරියර්ස් කණ්ඩායමේ ආර්.තේනුධරන් සම්මාන දිනා ගත්තේය.


ඡායාරූපය - සමීර පීරිස්/ sportphotography

Comments