හිරුණි පසුබසී
පෝලන්තයේ ඩිනියා නුවරදී අද (17 වැනිදා) පැවැති ලෝක අර්ධ මැරතන් ශූරතාව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා හිරුණි විජේරත්නට එම තරගය අවසන් කරන්නට අපොහොසත් විය.
තරගයේ 15 වැනි කිලෝමීටර් සලකුණ පසුවන විට ඇය මිනිත්තු 57.28 ක කාලයක් සමගින් සමස්ත තරගයේ 99 වැනි ස්ථානයෙහි පසු වුවද තරගය අවසන් වනවිට ඇයට පසු බසින්නට සිදුවිය.
කේසේ නමුත් මෙම තරගයේ රන් පදක්කම කෙන්යාවේ පේරස් චෙප්චිචර් විසින් දිනා ගන්නා ලද අතර එහිදී ඇය පැය 1.05.16 ක කාලයක් වාර්තා කරමින් නව ලෝක වාර්තාවක්ද පිහිටුවීය.

Comments
Post a Comment