චන්දිමාල් කොළඹට යද්දී ගේල් මහනුවරට
ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ක්‍රියාත්මක වේ
අදාළ ක්‍රීඩකයන් කණ්ඩායම් හිමිකරුවන් විසින් වෙන් කර ගන්නා අතර මේ වනවිට වෙන් කරගෙන ඇති සටහන අනුව කළම්බු කිංග්ස් කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස්, ඇන්ඩ්‍රි රසල්, ඉසුරු උදාන, ඩුප්ලෙසිස් සහ දිනේෂ් චන්දිමාල් ඇතුලත්ව සිටියි.
දසුන් ශානක , ඩේවිඩ් මිලර් සහ කාලෝස් බ්‍රැත්වේට් යන අය දඹුල්ල හෝක්ස් වෙත ඇතුලත් වී තිබේ.
ලසිත් මාලිංග සහ මොහොමඩ් ආමීර් සමගින් ෂහීඩ් අෆ්‍රිඩී ගාල්ල කණ්ඩායමට ඇතුලත් ව සිටින අතර ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට තිසර පෙරේරා සහ වනිදු හසරංග ඇතුළත් වේ.
කැන්ඩි ටස්කර්ස් ද මෙහි ප්‍රබල කණ්ඩායමක් වන අතර ක්‍රිස් ගේ, කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් යන තිදෙනාම අදාළ කණ්ඩායමට වෙන්කර සිටී.




Comments
Post a Comment