ඉතිහාසයේ පළමුවරට නවසීලන්ත පාර්ලිමේන්තුවට ලාංකික කාන්තාවක්

 


නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාව බවට පත්වන්නට වනුෂි වොල්ටර්ස් ඊයේ(17 වැනිදා) සමත් වූවාය. 

මෙහිදී ඇය නවසීලන්තයේ උන්මාදය ලෙස සැලකෙන ජසින්තා ආඩන් අගමැතිවරයගේ කම්කරු පක්ෂය නියෝජනය කරමින් අදාල ජයග්‍රහණය ලබා තිබේ.



ඒ වයඹ දිග ඕක්ලන්ඩ් හී ඉහළ වරාය ප්‍රදේශය ජයගනිමිනි.  ජාතික  අපේක්ෂකයෙකු ලෙස මෙම මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු තාක්ෂණික විධායක ප්‍රධානියෙකු මෙන්ම හැමිල්ටන් හී ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ජේක් බෙසන්ට් ව පරාජය කරමින් වනුෂි මෙලෙස පාර්ලිමේන්තුවේ අසුනක් වෙන් කර ගැනීම විශේෂත්වයකි.

එහිදී වනුෂි මනාප 14,142ක් ලබාගත් අතර බෙසන්ට් ට ලබාගත හැකිවූයේ මනාප 12, 727ක් පමණි. 



වනුෂි වෘත්තීයෙන් මානව හිමිකම් පිළිබඳ නීතීවේදිණියක වූ අතර මානව හිමිකම් කොමිසමේද සාමාජිකාවකි.

Comments