පාතාල නායක මාකඳුරේ මදූෂ් මරුට
කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රදවාගෙන ප්‍රශ්න කරමින් සිටි මාකදුරේ මධූෂ්, තමාගේ හෙරොයින් තොගයක් මාළිිගාවත්තේ නිවාස සංකීර්ණයේ ඇති බවට පොලිසියට පාපොච්චාරණය කර තිබෙනවා.
පසුව පොලිස් නිළධාරින් සමග එම ස්ථානයට ගිය මාකදුරේ මධූෂ් සැලසුම් සහගතව පැන යාමට තැත් කිරීමේදී මධූෂ්ගේ ගෝලයින් පිරිසක් පොලිසියට වෙඩි තබා තිබෙනවා.
එහිදී සිදුවූ වෙඩි හුවමාරුවේදී මධූෂ්ට හා එක් පොලිස් නිළධාරියෙකුද වෙඩි වැදී තුවාල ලබා ඇති අතර ඉන් අපරාධ කල්ලි නායක මාකදුරේ මධූෂ් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
ඡායාරූප - අද දෙරණ


Comments
Post a Comment