ටෙනිස් පිටියේ විහිළුකාරයා…
නිහතමානී ජීව ගුණයෙන් පිරි ක්‍රීඩකයන් යනු දේවයන් වහන්සේ ගෙන් ලොවට ලැබුණු දායාදයක් බව අයෙකු පැවසුවහොත් විශ්වාසයි අනිවාර්යෙන් ම ප්‍රේක්ෂකාගාරය අත ඔසවා එය ස්ථිර කරති. අහබු වකින් හමුවන මේ ගුණ ඇති ක්‍රීඩකයන් ක්‍රීඩාවට මෙන්ම රටට ද සම්පතකි. තීරණාත්මක වූ අති පීඩනය හිස මත රදවා ප්‍රතිවාදීන් ට බැට දෙන්නවුන් අතර ප්‍රේක්ෂකාගාරයේ ලේ පිරිසිදු කරන ක්‍රීඩකයන් සිටින්නේ අතලොස්සකි. වාසනාවකට මෙන් ලෝක ටෙනිස් පිටියට නම් මේ සියල්ල අරුමයක් නොවේ. මෙවැනි සොදුරු නිහතමානී ගුණ වලින් ටෙනිස් පිටියම කුල්මත් කරන ඔහු “නොවැක් ජෝකැවික්”
සර්දාන් සහ දිජානා යන දෙමව්පියන් ට දාව සර්බියාවේ බෙල්ග්‍රේඩ් නුවරදී 1987 මැයි 22 වන දින මෙලොව එළිය දකින පුංචි නොවැක් අනාගතයේදී මෙතරම් දක්ෂයෙකු වනු ඇතයි ඔහුගේ දෙමාපියන් කිසිවිටකත් නොසිතන්නට ඇති.මාර්කෝ හා ජෝජෝ යන දෙටු සොහොයුරන් ට වැඩිමලා වූ නොවැක් උසස් අධ්‍යාපනය වෙත මැනවින් පිය මං කරන අතර පංච භාෂා පරමේෂ්වරයෙකු වන්නේ ඔහු සර්බියානු, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් හා ඉතාලි යන භාෂාවේ ප්‍රවීණයකු නිසයි.
තම උසස් අධ්‍යාපන සමයේදීම අනාගත ජිවන සහකාරිය වන “ජෙලීනා රිස්ටික්’ ව ඔහු තෝරාගන්නේ 2014 ජුලි 10 වනදා සිය විවාහ දිවිය ආරම්භ කරමිනි. ටෙනිස් පිටියේ ඔහු ගැන අමුතුවෙන් සටහන් තැබීම පනින රිළවුන් ට ඉනිමං බැලින්නකි. ඒ නොවැක් නම ඇසු පමණින් ටෙනිස් පිටියම හඩගා කියාවි ඔහුගේ ජයග්‍රහණ ගැන අපටත් වඩා හොදින්.
Credits- Pinterest
දැනට ලෝක ශ්‍රේණිගත කිරීම වල අංක 5 ස්ථානය දැරුව ද 2011 ජූලි 4 වනදා අංක 1කේ ඔටුන්න දා ගන්නා මේ කෝඩුකාරයා මේ වනවිට ග්රෑන්ඩ්ස්ලෑම් ශුරතාවලි අතර ඔස්ට්‍රේලියා විවෘත ශුරතා 6ක් ද ප්‍රංශ විවෘත ශුරතවලියක් ද ,විම්බල්ඩන් ශුරතා ත්‍රිත්වයක් ද , ඇමරිකානු විවෘත ශුරතා ද්විත්වයක් ද තම නමට එදිරිව සටහන් කර ගන්නේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව ට තමාගේ නමත් ඇතුලත් කර ගනිමින් ය. මේ සියල්ල නිසාම 2012 වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමිවන ලෝරිස් සම්මානය ත් ඒ වනවිට ලෝකයේ සිටින විශිෂ්ටතම ක්‍රීඩකයා බවටත් පත්විමට නොවැක් ට භාග්‍ය උදාවිය.
කථා නායකයා ගේ ක්‍රීඩාව ගැන අටුවා ටීකා අවශ්‍ය නොවේ. ඔහුගේ තවත් නොහදුනන දෑ බොහෝ යි. ඒ අතර ‘Novac djokavic Foundation’ නමින් අරමුදලක් පිහිටුවමින් ලෝකවාසී ජනයා වෙත තමාගේ මනුස්සකම් බෙදා හරින්නේ මිනිසෙකු ට ලගාවිය හැකි උපරිමය පසක් කරමිනි.තමාගේ සංවිධානය හරහා මිනිසුන් වෙනුවෙන් වෙහෙසෙන්නේ “ශුරයන් ඉපදෙන්නේ නැත.ශුරයෙකු බිහිවිමට අවශ්‍ය පෝෂණය,දිරිමත් කිරීම්,ආදරය, කැටිවී බිහිවීමට දරන වගකීම අප කවදාවත් අමතක නොකරමු” යන වැකිය පෙරදැරිවයි.
සංවිධානය නමින් ඔවුන් කල ක්‍රියාවලිය අතිමහත් බැව් බොහෝදෙනාගේ මතය විය.පාසල් ප්‍රතිසංස්කරණය, ගුරු උපදේශන, වැඩමුළු සත්කාර, අතහිත වැඩසටහන්, දන්දීමේ වැඩසටහන් ඒ අත කැපී පෙනිණ. 2014 මැයි මාසයේදී සර්බියාවට අනපේක්ෂිත ගංවතුර තත්වයක් වාර්තා විණ.මෙය ඔවුන්ගේ ජනජීවිතය ට දරුණු පා පහරක් විය.රජයේ මැදිහත්වීමද තිබුණ ද ක්‍රියාවලිය තුල තම අප්‍රතිහත දිරිය නොපිරිහෙලා සිදුකරමින් තම රටේ ජනතාව ට හැකි පමණින් සත්කාර කරමින් දුව පැන සියල්ල ඉටු කරවුයේ ජන නායකයෙකු ට නොදෙවෙනි වෙමිනි. විටෙක යුනිසෙෆ් සංවිධානය හා එක්වද තම සමාජ මෙහෙවර ලෝකයට ව්‍යාප්ත කලේ තම රටේ සුබසිද්ධිය පමණක් නොව ලෝකයේ සුබසිද්ධිය ද තමාට වැදගත් බව පෙන්වා දෙමිනි.ඔහුගේ සත්කාර අතර ජංගම සෙල්ලම් ගෙදර, අන්ටෝන් ස්කාලා හි සිහින උද්‍යානය, බොස්කෝ රගහල විශේෂ විණි.විශේෂ අවශ්‍යතා
Pic 5
ඇති දරුවන් වෙනුවෙන් සිදුවූ ඇන්ටෝලා ස්කාලා පාසල් උද්‍යානය ගැන බොහෝ ජන මෙහෙවර සංගම් අතර කතාබහට ලක්වුණේ මෙවැනි ක්‍රියාකාරකම් වඩාත් හැගුම්බර නිසාවෙනි.
මීට අමතරව නොවැක් ගැන සදහනක් පැවසිය යුතු යයි සිතෙන තවත් විශේෂත්වයක් ඔහු තුල ගැබ් වී තිබෙන අතර එය ඔහුගේ තවත් ස්වරුපයක් ම විය. ඔහු සැබවින්ම ටෙනිස් පිටිය තුල සිනහව රදවන්නෙකි.පිටියේ බොහෝ කතා මී ක්‍රීඩකයා ත් සමග පටබැදෙන්නේ මෙවැනි ක්‍රියා පටිපාටි තුල නොවැක් අනුගාමිකයෙකු වන නිසාය. ආසන්නතම සිදුවිම වුයේ සමාජ ජාලා වෙබ් අඩවි වල හුවමාරු වන වීඩියෝ පට කිහිපයකි. ඒ අතර 2014 වසරේ ප්‍රංශ විවෘත තරගාවලිය අතරතුර දී මද වර්ෂාවක් අතර තුර ඔහුගේ සහයකයා තමා අසලින් හිදුවා ඔහුට පානයෙන් සලකන නොවැක් ගේ වීඩියෝව ප්‍රේක්ෂක සිත් ඇද බැද ගත්තේ ඔහුගේ ඇති නිහතමානී ගුණය ගැන මවිත වෙමිනි. ලොව අංක එකේ ක්‍රීඩකයෙකු ට සීමා නොවූ ඔහුගේ නිහතමානී ගුණය හා සෙස්සන්ගේ සිත් දිනා ගැනීමේ ගුණය නිසා ලොව පුරා ඔහු ගැන කතාබහ වන්නේ ටෙනිස් පිටියට ඇලුම් නොකරන්නවුන් ද එදෙසට ඇදෙමිනි.
ප්‍රිය මනාප බව තම උපන් ගුණයක් කරගත් මේ සොදුරු ක්‍රීඩකයා තම ජිවිත කතාව පුරාවෘත්තයක් වන තරමට ම ප්‍රේක්ෂක සිත් වල ජනිත වී හමාරය.මේ සියලු භුමිකාවන් දිගින් දිගටම පවත්වන්න ට ශක්තිය වාසනාව ලැබේවා කියා අපි සුබ පතන්නේ හදපිරි සොම්නසිනි. අනාගත ක්‍රීඩාවට ආවඩන තරු ගොන්න ට ආදර්ශයක් වන්නට ලෝක පිටියෙන් කෙනෙකු අවැසි නම් සත්තකි න් ම එයට කදිම නිදසුන අන් කවරෙකුත් නොවේ. ඒ “නොවැක් ජෝකැවිච්” මයි.
Video- https://www.youtube.com/watch?v=u2plnVfLr_c
All the details from- https://novakdjokovicfoundation.org/
-http://novakdjokovic.com/







Comments
Post a Comment