ලංකාවේ මොරටුව වගේද ඇමරිකාවේ ඔහියෝ?

 


ලාංකේය මැතිවරණ ඉතිහාසයේ මොරටුව ආසනය යනු ස්වර්ණමය ආසනයකි. ගහට ගහක් හමුවන සුන්දර මුහුදුකරයේ නගරයට විටෙක යම් යම් අපේක්ෂකයන් බිය වෙති. ඒ මොරටුව දිනන්නා ජනපති වන්නේය යන්න පැතිර යන රාවය නිසාවෙනි.  

නමුත් මොරටුව යනු වර්ග කිලෝමීටර 20ක පුරා විහිදුනු ඡන්ද දායකයන් 165,000කට ආසන්න සංඛ්‍යාවක් සිටින කොළඹ දිස්ත්‍රික්කයේ ආසනයකි. මෙය කලින් කලට ශ්‍රී ලංකාවේ ප්‍රබල පක්ෂ දෙක වූ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා බැඳී පක්ෂ වළල්ල විසින් ආක්‍රමණය කළහ. කොටින්ම කියතොත් නිතර ආක්‍රමණයන්ට ලක්වෙන ගාසා තීරයකි. 



 ශ්‍රී ලංකාවේ මේ වනවිට විධායක ජනාධිපතිවරුන් 8 දෙනෙකු බිහිවූ අතර ඔවුන් සියලු දෙනා ජනපතිවරණ සටනේදී මොරටුව ආසනය ජය ගෙන තිබේ. ඒ නිසාම ශ්‍රී ලංකාවේ මැතිවරණ වේදිකාවේ බොහෝදෙනෙකු මොරටුව දිනන්නේ කවුරුන් දැයි යන්න විමසිලිමත්ය. 



මෙවැනි භයානක මැතිවරණ ජනපදයක් ඇමරිකානු ජනාධිපතිවරණ සටන් බිමේද තිබේ. බොහෝදෙනෙකු පවසන පරිදි ඒ ' ඔහියෝ' ය. ඉකුත් ජනාධිපතිවරුන් 14කගේම අනාවැකි පැවසූ මේ ජනපදය  ප්‍රබලය. එය ඔවුන්ගේ ජය සපථ කරන්නකි. එය එරට මාධ්‍යය වාර්තා කරන්නේ බැටළු රැළක සීනුව ගෙල ලූ පාලක බැටළුවා ලෙසිනි. බරක් ඔබාමා,ජෝජ් බුෂ්, බිල් ක්ලින්ටන් ලාට සේම රොනල්ඩ් රේගන්ලාත්, ට්‍රම්ප් සේම ඔහියෝවට පෙම් බැන්දාහා. 



නමුත් මෙවර ඇමරිකානු ද්වන්ධ සටනේ එවන් සියලු වාර්තා බිඳ වැටෙමින් සිටියි. ඇමරිකානු තුරුම්පුව(trump)  මෙවර නම් අන්ත අසරණය. ඓතිහාසික මැතිවරණ ජය තීරණය වන ඔහියෝ ජනපදය ට්‍ර්ම්ප් ජය ගත්තේ ඡන්ද 3,074,418ක් ලබා ගනිමිනි. බයිඩන්ට ඡන්ද 2,603,731කි. එතැනම වැඩි ඡන්ද තුන්ලක්ෂයකටත් වඩා ට්‍රම්ප් ලබාගෙනය. මෙවර නම් ඩිමොක්‍රටික් අපේක්ෂකයා හතර අතට වනා ඇති බව නම් පැහැදිලිය. බයිඩන් යුගයට දැන් දැන් ඇමරිකානුවන් ළඟා වෙමින් සිටී. ඒ ඇමරිකානු ඉතිහාසයේ වැඩිම මනාපයක් දිනූ ජෝ බයිඩන් නම් වූ 78 වියැති මහල්ලා සමගිනි. හෙට සිට ඔහු ලෝක පාලකයා වන්නේය. 

චතුර රණසිංහ

Comments