ලිබරල්වාදය රැගෙන ඇමරිකානු පොර පිටියට ගිය සටනේ තුන් වැන්නා ??
"අපි වෙන පක්ෂ වල ඡන්ද අහුලන්නේ නෑ" යන රෞද්‍ර කාන්තා කටහඬක් ඇමරිකානු ඡන්ද පොර පිටියේ උළු හෙල්ලෙන්ට මොර දෙනු ඇසිණි. ඇමරිකානුවන් න්ම් ඈ ව හොඳින් හඳුනා ගත්තද ආසියාකරයේ අපට නම් එය ආගන්තුය. ඔව් ඒ ඇමරිකානු ඡන්ද ලිබරල් හඬ ලෙස හැඳින්වූ ජෝ ජෝර්ගන්සන් ය.
ජෝ ජෝර්ගන්සන්ට ජයග්‍රහණය කිරීමේ ශක්‍ය අවස්ථාවක් නොමැත. එහෙත් දේශපාලන විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ මෙම ජනාධිපති තරඟයේ ජයග්‍රාහකයා තීරණය කිරීමේ සටනට ඇයට අපේක්ෂකයාට අත තිබිය හැකි බවයි.
1957 මැයි දිනයේ දි උපත ලබන මේ ලෝක බලවතුන්ගේ ලිබරල්වාදිනියා වූ ජෝඇන් මේරී ජෝර්ගන්සන් ඉලිනොයි හි උපත ලබන්නීය. බේලර් විශ්ව විද්‍යාලයෙන්, දකුණු මෙතෝදිස්ත විශ්ව විද්‍යාලයෙන් සහ අවසානයේ ක්ලෙම්සන් සරසවියෙන් මානසික විද්‍යාවේදී උපාධියකට හිමිකම් කියන ඈ ආචාර්යවරියකි.
ජෝර්ගන්සන් ප්‍රථම වරට මැතිවරණ වේදිකාවට ගොඩවදින්නේ 1992 එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩල මැතිවරණයෙන් ය. ඇය වයඹදිග දකුණු කැරොලිනා හි වත්මන් ඩිමොක්‍රටික් මන්ත්‍රී ලිස් ජේ. පැටසන් සහ රිපබ්ලිකන් අභියෝගකරු බොබ් ඉන්ග්ලිස්ට එරෙහිව SC-04 නියෝජනය කිරීමට ලිබරේෂන්වරියක් වන්නට තරග කළාය. නමුත් ජෝර්ගන්සන් සමස්ත ඡන්දයෙන් 2.2% ක් ලබා තෙවැනි ස්ථානයට පත්විය.
ඉන් අනතුරුව 1996 එක්සත් ජනපද ජනාධිපතිවරණයට පෙර, හැරී බ්‍රවුන්ගේ ලිබර්ටේරියන් පක්ෂය උප සභාපති ලෙස නම් කළාය. ඇය පළමු ඡන්ද විමසීමේදී 92% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තාය. බදු ගෙවන්නන්ගේ පක්ෂයේ හර්බට් ටයිටස් සහ ස්වාභාවික නීති පක්ෂයේ මයික් ටොම්ප්කින්ස් සමඟ ඔක්තෝබර් 22 වන දින සී-ස්පාන් විසින් රට පුරා විකාශය කරන ලද උප ජනාධිපති විවාදයකට ඇය සහභාගී වූවාය.
එවක ප්‍රාන්ත 50 ක ඡන්දය හිමිවූ බ්‍රවුන් සහ ජෝර්ගන්සන් හවුළ ඡන්ද 485,759 ක් ලබා ගත් අතර එය සමස් ඡන්ද වලින් 0.5% ක් ලබා පස්වන ස්ථානයට පත්විය. මෙය 1980 සිට ලිබරල් පක්ෂය වාර්තා කළ ඉහළම ජයග්‍රහණයයි.
2019 අගෝස්තු 13 වන දින ජෝර්ජන්සන් 2020 මැතිවරණයෙන් ලිබර්ටේරියානු ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වන ලෙස ලිපි ගොනු කළේය. එදිනම දකුණු කැරොලිනා ලිබර්ටේරියන් ජනාධිපති විවාදයට සහභාගී වීමට පෙර ඇය 2019 නොවැම්බර් 2 වන දින ලිබර්ටේරියන් පක්ෂයේ දකුණු කැරොලිනා සමුළුවේදී නිල වශයෙන් සිය ව්‍යාපාරය දියත් කළාය.
බැඳී නොසිටින ලිබරේෂන් වරුන්ගේ සමස්ත ඡන්දයෙන් ජෝර්ගන්සන් දෙවන ස්ථානයට පත්වූ අතර ඉන් ප්‍රාථමික දායකවරුන් 12 දෙනාගෙන් දෙකක් ජයග්‍රහණය කළේය.
2020 මැයි 23 වන දින ජෝර්ගන්සන් ලිබර්ටේරියානු ජනාධිපති අපේක්ෂිකාව බවට පත් වූ අතර, ඇය ලිබරල් පක්ෂ ඉතිහාසයේ ඇමරිකානු ජනපතිවරණ නාමයෝජනා ලැබූ පළමු කාන්තාව සහ මැතිවරණ ඡන්ද 270 කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඡන්ද ප්‍රවේශය ඇති එකම 2020 ජනාධිපති අපේක්ෂිකාව බවට පත්විය.
ඉකුත් සැප්තැම්බර් 3 වැනිදා සිදුවූ ඇගේ මවගේ කණගාටුදායක මරණය නිසා මැතිවරණය ප්‍රචාරණය හදිසියේ නවතා දමන්නටද ඇයට සිදුවිය.
හිටපු ජනපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඇය වෙත දැමූ " මා ඇය සමගයි" යන සටන් පාඨය ද මැතිවරණ වේදිකා උණුසුම් කළේය.
අවසානයේ මෙවර ඇය 17,24,550ක ඡන්ද ප්‍රමාණයක් සමගින් 1.2%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තාය. ඇය සමස්ත පොර පිටියේ තුන් වැන්නා වූවාය.
චතුර රණසිංහ
ඡායාරූප - සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලයෙන්
📷 - Internet /Facebook/Twitter




Comments
Post a Comment