එදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කොළ පාට හැඳි අද ජැෆ්නා ස්ටැලියන්ස් ඔක්සිජන් නීලය ඇඳ...

 


අපද්‍රව්‍ය වෙන් කිරීම ගැන කියා දෙන අරමුණින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ක්‍රීඩකයෝ එදා වෙනස් ඇඳුමකින් සැරසිණි. ඒ ගැන දැනුවත් කිරීමේ අරමුණින් රෝයල් චැලෙන්ජර්ස් ක්‍රීඩකයෝ ප්ලාස්ටික් වලින් නිමැවුණු ක්‍රීඩා ඇඳුමක් හැඳ ක්‍රීඩා කළහ . සෑම තවද පෘතුවිය බේරා ගැනීමේ ක්‍රියාන්විතයට ඔවුන්ගේ දායකත්වය දෙන බවට වන පොරොන්දුවක් ලෙස ඔවුන් එහි ඇති ගෝ ග්‍රීන් සංකල්පය යොදා ගත්හ.



ඔවුන් එය එසේ සෑම අයි.පී.එල්. තරගාවලියකට වරක්ම සිදුකළ අතර අද(03 වැනිදා) ලංකා ප්‍රීමියර් ලීගයේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායද එවන් ආදර්ශයක් ගෙනහැර දැක්වූහ. 


ඔවුන් ඔක්සිජන් නීල වර්ණය යොදා ගත්තේය



 

 කාලෝචිත වර්ෂාව මත පදනම්  කෘෂිකර්මාන්තය වුණු රටක් වුණු ශ්‍රී ලංකාව වට වෙලා තියෙන්නෙ මහ මුහුදෙන්. යාපනේත් එහෙමයි.අර්ධද්වීපයක් සහ කෘෂිකර්මාන්තය ඔවුන්ගේ ජීවනෝපායක්. ඇත්තටම අපි සොබාදහම මත රඳා පවතිනවා. එය ඔබට දනවන්න සහ මතක් කරන්නට අපි මේ නව වර්ණය තෝරාගත්තා. ගෙවුණු දින කිහිපයේදී රටට බලපෑ කුණාටු තත්වයෙන් විපතට පත් අයට සංවේගය පළ කරන්නත්, ඉක්මන් සුව පතන්නත් ..සොබාදහම සහ අපේ බැඳීම විශ්වාසය මත පදනම් වුණු දෙයක්…

ඒ සියල්ල වෙනුවෙන් අපි ' ඔක්සිජන් නිල්' ඇඳුමෙන් සෙල්ලම් කළා..  

………..එය ඔවුන්ගේ වචනයයි….   

- චත්තා -

Comments