ඔලිම්පික් එන පළමු චීන කණ්ඩායම ටෝකියෝවට
ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමට නියමිත පළමු චීන ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස පෙරේදා (10 වැනිදා) ටෝකියෝ නුවරට ළඟා විය.
රුවල් ඔරු පැදීමේ ක්‍රීඩාව නියෝජනය කරන මෙම කණ්ඩායම 18 දෙනෙකුගෙන් සමන්විත විය. කොරෝනා අවදානමෙන් පසු ජපානයට පැමිණි පළමු චීන ක්‍රීඩක කණ්ඩායම මෙය වේ. ඔවුහු සියල්ලම මුහුණු ආවරණ සහ අක්ෂි ආවරණ පැලඳ සිටියහ. බීජිං ඔලිම්පික් උළෙලට පසුව ඔලිම්පික් උළෙලක් සඳහා සහාභාගී වන විශාලතම චීන ක්‍රීඩක කණ්ඩායම මෙවර ටෝකියෝවට සහභාගි වීමට නියමිතය.
ඒ අනුව ඉදිරියේදී තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ටෝකියෝ නුවරට ළඟා වීමට නියමිතය. මෙම සංචිතය නරිටා ගුවන් තොටුපළෙන් සිය නිරෝධායන මධ්‍යස්ථාන සඳහා පිටත්විණි. මෙවර ඔලිම්පික් උළෙල රුවල් ඔරු ඉසව් 8ක් ක්‍රියාත්මක වීමට නියමිතය.
(අරුණ - 12/07/2021)

Comments
Post a Comment