ඉන්දියවෙන් හැලුණු සිමී අයර්ලන්තයට ලෝක වාර්තාවක් එක් කරයි




1987 වසරේදී ඉන්දියාවේ පන්ජාබයේ උපදින සිමී සිං මොහාලි හි දක්ෂ ක්‍රීඩකයෙක්. තුන් ඉරියව්වෙන් කැපී පෙනුණු සිමී.... වයස අවුරුදු 14න් පහළ වසරේ දක්ෂතම පාන්ජාබ් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනවා. ඒත් ...ඉන්දීය තෝරාගැනීමේදී සිමී ව විසිවෙනවා. ඒ වේදනාවත් එක්ක අවුරුදු 18දී උසස් අධ්‍යාපනයට අයර්ලන්තයට එනවා..


ඒ තාත්තාගේ කැපවීමට දෙයක් කරන්නට නොහැකි වුණු වේදනාවත් එක්ක...


"කිසිවෙකුට එය පැහැදිලි කළ නොහැකි නිසා එය වඩාත් අපහසු විය. මගේ පියා ළඟ  ලබා  මා ගැන,ලියැවුණු සියලුම ක්‍රීඩා වලින් සියලුම පුවත්පත් තිබේ. මට තවත් කිසිවක් කළ නොහැකි නමුත් එය ඇත්ත වශයෙන්ම ඉන්දියාවේ දේශපාලනික ය. තේරීමේ ක්‍රියාවලිය දේශපාලනික වන අතර එය ඔබගේ කාර්ය සාධනය සඳහා පමණක් නොවේ. දූෂණ ගොඩක් තියෙනව. "


අවසානයේ ඔහුව ඉන්දීය ප්‍රිමියර් ලීගයෙනුත් අත් හැරෙනවා...


නමුත් උත්සාහය අත් නොහළ සිමී.... 30 වැනි වියෙහිදි නවසීලන්තයට එරෙහිව අයර්ලන්තය  වෙනුවෙන් වෘත්තිමය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙමින්.. එක්දින වරම් ලබනවා....



අද සිමී අයර්ලන්තය නමට වාර්තාවක් තබනවා....


ඒ ප්‍රබල දකුණු අප්‍රිකාවට එරෙහිව  සිය මංගල ශතකය වාර්තා කරමින්....


එය 8 වැනි කඩුල්ල හෝ ඊට පහළින් එක්දින තරගයක ශතකයක්   රැස්කළ පළමු ක්‍රීඩකයා වෙනවා....


උත්සහය,සහ,කැපවීම ඔබේ හීන හැබෑ කරනවාට තවත් උදාහරණයක් ...


- චතුර රණසිංහ - 


#chaththanews #ireland #irelandcricket #simiisingh #SimiSingh #cricket #irish #IrishCricket

Comments