මහා සටන් මැද කුදදාදී ඇෆ්ගනිස්තාන පැරාලිම්පික් ඉතිහාසය අලුතෙන් ලියයි
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පැරාලිම්පික් උළෙලක් නියෝජනය කළ පළමු ක්‍රීඩිකාව බවට පත්වන්නට සාකියා කුදදාදී ඉකුත්දා (02 වැනිදා) සමත් වූවාය.
එම ඉසව්වේ 'රිපචාර්ජ් අර්ධ අවසන් වටයේ' තරගයේදී තියුණු තරගයකින් අනතුරුව කුදදාදී පරාජයට පත්විය.
මෙම තරගය කුදදාදී සහ යුක්රේනයේ මාචක් වික්ටෝරියා අතර පැවැත්විණි. තරග වට 3කින් යුත් මෙම තරගයේ වට 2ක් අවසන් වන විටද ඉදිරියෙන් පසුවන්නට කුදදාදී සමත් විය. නමුත් අවසන් වටයේදී පෙරට වඩා ආක්‍රමණශීලි තරග රටාවකින් සටන් වැදුණු වික්ටෝරියා තරගයේ නියමිත කාලය අවසන් වනවිට ලකුණු 48-34ක් ලෙසින් ජය ගන්නට සමත් විය.
මෙහි මූලික වටයේ තරගයේදී කුදදාදී සමගින් උස්බෙකිස්තානයේ ඉසකෝවා සියදොකාන් තරග වැදුණු අතර එම තරගයේදී ලකුණු 17-12ක් ලෙස කුදදාදී පරාජයට පත්විය.
ඇෆ්ගනිස්තාන නව පාලනය සමගින් කාන්තාවන්ට ක්‍රීඩා කිරීමට පවතින තහනම හේතුවෙන් එරට ක්‍රීඩිකාවන් දැඩි තැතිගැන්මකින් සිටින බවට විදෙස් මාධ්‍ය දිගින් දිගටම වාර්තා කළේය. මේ හේතුවද මූලික කර ගනිමින් ඇතිවී තිබුණු ගමනාගමන පහසුකම් හිඟකම හේතුවෙන් ඔවුන් මෙවර ටෝකියෝ පැරාලිම්පික් උළෙලට සහභාගි වීම අවිනිශ්චිත විය. නමුත් හොර රහසේම ඔවුන් ටෝකියෝ නුවරට ගෙන්වා ගන්නට බලධාරීන් සමත් වූ අතර මෙම තරගාවලියෙන් අනතුරුව ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව නැවත සියරට බලා ගමන් කරන්නේද යන්න තවම තීරණයක් ගෙන නොමැත.
ඉකුත් අගෝස්තු 28 වැනිදා කුදදාදී සහ ඔහුගේ පැරාලිම්පික් සගයා වූ හුසේන් රසොලි ටෝකියෝ නුවරට ළඟාවූ අතර ඒ පැරිසියේ සිට ටෝකියෝ බලා ගමන්ගත් ගුවන් යානයක් ආධාරයෙනි. නමුත් පවුන් ඇෆ්ගනිස්තානයේ සිට ප්‍රංශයේ පැරිසියට ළඟාවූ ගමන් මාර්ගය සම්බන්ධයෙන් අවිනිශ්චිත වුවද ඔවුන් රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් යානයකින් පැරීසියට ළඟා වී ඇති බවට වාර්තා වේ. 22 හැවිරිදි වියෙහි පසුවන ඇෆ්ගනිස්තානයේ හේරට් ප්‍රදේශයේ උපත ලබා තිබේ.

Comments
Post a Comment